About Me

My photo
I Am a Contributor in Many ways With My Mother Nature. as an Eco Friendly Human,a Nature Conservationist Cum Researcher & Data Collector about Snakes & Workshops Conductor For Nature Conservation & Protection.......Through That All I Would Like To Consider My Self as a Fool For Forest-Fool For Wild Life - Fool For Snakes - Deep Lover For Mother Nature..But I Have a Mission to Save the World's Endangered Species....

I LOVE YOU DEAR NATURE MOTHER

I LOVE YOU DEAR NATURE MOTHER
Dear Nature, Mother I Can Feel Your Love,I Love You So Much..

Search This Blog

Pages

Sinhala Green Range - සිංහල හරිත අඩවිය


මවකගෙ කථාව
                                  සියැටැල්‍ ගෙ පරිසරීක බැදිම

පාහිංගලින් සමුගත් මහ ගල් වැලිගොව්වා

galpara1
ජලජ පරිසර පද්ධති අති බහුතරයක් හිමි ශරී ත  ලංකාව මිරිදිය මත්ස්යස විවිධත්වයෙන් පොහොසත් රටකි.103 ක් පමණ වන ගංගා,30,000කට අධික  වැව්,වගුරු බිම් හා විල්ලූ ඇතුළු තෙත් බිම් පරිසර මිරිදිය මසුන් ගේ වාසස්ථාන වෙති.මේ වාසස්ථානවලින් වර්තමානය වන විට දේශීය මිරිදිය මත්ස්යළ  විශේෂ 86 ක් පමණ හඳුනාගෙන තිබේ.ඉන් විශේෂ 43 ක් ලංකාවට අවේණික වේ.එහි ආවේණිකතා පරිදුතිශතය 50% කි.මේ මසුන් ගෝතරතිබ 8 ක්,කුල 20 ක් හා ගන 41ක් යටතේ වර්ගීකරණය කර තිබේ.
ජලජ පරිසර පද්ධතියක ස්තර අනුව මත්ස්යහයින් ගේ වාසස්ථාන සකස් වී ඇත.මතු පිට පෘෂ්ඨයේ සිට පහළ පතුල දක්වා ස්තර පහකට මත්ස්යවයින් ජීවත්වේ.එම එක් එක් ස්තරයේ ජීවත් වීමට මසුන් විවිධ අනුවර්තන පෙන්නුම් කරයි.
ඒ අතුරින් පතුලේ ජීවත්වන මසුන් සුවිශේෂී අනුවර්තන පෙන්වයි.අහිරාවන් හා වැලිගොව්වන් පතුලේ ජීවත්වන මසුන් වෙති.ඉන් වැලිගොව්වන් අයත්වන පර්සිෆෝමස්(Perciformes)ගෝතරුන්යට අයත් ගෝබිඬේ(Gobiidae)කුලය ලෝකයේ දෙවන විශාලත ම මත්ස්ය  කුලය වේ.මේ කුලය යටතේ පොදු වේ වැලිගෝව්වන් (Gobies)ලෙස හඳුන්වන කරදිය,මිරිදිය හා කිවුල් දිය ආශරි ම ත පරිසර පද්ධතිවල ජීවත් වන මත්ස්යො විශේෂ 2000 ක් පමණ ලොකයේ ජීවත් වේ.එම විශේෂ උප කුල පහකට අයත් ගන 2ක් යටතේ වරගීකරණය කර තිබේ.
ලංකාවේ මිරිදිය වැලිගොව්වන් විශේෂ හතක් වාර්තා වේ.ඉන් එක් විශේෂයක් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කැරේ.ලංකාවට ආවේණික වැලිගොව්වෙකු වන මාර්ටින්ස්ටයින් ගේ වැලිගොව්වා (Stiphodon martenstyni)ලෙස හඳුන් වන විශේෂය කළුතර දිස්තරිවන ක්කයේ  අත්වැල්තොට පාලම අසලින් 1981 වසරේ දී හමු වී ඇති අතර,1998 වසරේ දී නාමකරණය කරනු ලැබූ නමුත් මේ වන තෙක් නැවත හමු වී නොමැත.මිරිදිය වැලිගොව්වන් අතරින් බලි වැලිගොව්වා (Awaous melanocephalus)පහත රට හා උප කඳුකර පරරි දේශවල සුලභ ව්යාැප්තියක් පෙන්ව යි.මීට අමතර ව මහ වැලිගොව්වා (Glossogobius giuris)පහතරට පරා උදේශවල සුලභව ව්යාලප්ත වී ඇත.
මෙතෙක් කලක් ලංකාවට ආවේණික විශේෂයක් ලෙස සැලකූ නමුත් වර්තමානය වන විට ඉන්දියාවෙන් ද වාර්තා වන බවට සඳහන් කට රතු වැලිගොව්වා (Schismatogobius deraniyagalai)මෙන්ම ගල් වැලිගොව්වා (Sicyopterus halei)හා මහ ගල් වැලිගොව්වා (Sicyopterus griseus)යන විශේෂ තුන 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට (Endangered)ලක් වූ විශේෂ තුනක් ලෙස නම් කර තිබේ.ලංකාවට ආවේණික තොල රතු වැලිගොව්වා (Sicyopus jonklaasi) ලෙස හඳුන්වන අනෙක් විශේෂය වඳ වීමේ අවධානමට(Vulnerable)මුහුණ පා ඇති විශේෂයක් ලෙස 2007 IUCN රතු දත්ත ලේඛනයේ සඳහන් කර  ඇත.
galpara2

වඳ වී මේ තර්ජනයට ලක් වූ නැතහොත් තර්ජිත විශේෂයක් ලෙස නම් කර ඇති මහ ගල් වැලිගොව්වා(Sicyopterus griseus)2002 වසර  වන තුරු ම දැන සිටියේ ලංකාවේ එක් පරසි දේශයකින් පමණක් වාර්තා වූ විශේෂයක් බව ය.
ෆරැත  න්සිස් ඬේ (Francis Day)විසින් 1877 දී මහ ගල් වැලිගොව්වා විද්යාක ලොවට හඳුන්වා දී ඇති අතර, ඔහු විසින් රචිත “Fishes of India” ග‍්‍රන්ථයේ මේ විශේෂ පිළිබඳව ප‍්‍රථම වරට විස්තර කර තිබේ. ඉන් පසු ව රොහාන් පෙතියාගොඩ මහතා විසින් 1991 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ “Freshwater fishes of Sri lanka”ග‍්‍රන්ථයේ සඳහන් වූයේ මේ විශේෂය කැලණි ගෙඟ් පෝෂක පර දෙදේශයක් වන අවිස්සාවේල්ල, සීතාවක ගෙඟන් වාර්තා වන බව යි.ඉන්පසු ව මේ විශේෂ පිළිබඳ ව කිසිදු වාර්තාවක් පර ‍දකාශයට පත් වී නො තිබිණි.

මේ ලියුම්කරු විසින් 2002.06.25 වන විට මත්ස්‍යයින්  පිළිබඳ ව අධ්යායනයක නිරත ව සිටින අතර තුර දී කළු ගෙඟ් අතු ගං`ගාවක් වන බුලත්සිංහල,පාහිංගල පරස් දේශයේ පිහිටි නිග්ගහ දොලෙන් මේ මත්ස්‍යයෙකු ලංකාවෙන් දෙවන වරට වාර්තා කරන ලදී.මෙතෙක් මේ මත්ස්‍යයින් වාර්තා වන බවට ලිඛිත සාධක ඇත්තේ සීතාවක ගෙඟ් හා නිග්ගහ දොලෙන් පමණි.නිග්ගහ දොලෙන් මේ විශේෂය හමු වූ ස්ථානය වේගයෙන් ජලය ගලා බසිනා ගල්පරවලින් සමන්විත වැලි හා ගල් සහිත පතුළක් ඇති ස්ථානයකි. මීටර් 12 ක් පමණ පළලින් යුත් දොළ පහරේ ගැඹුර මීටරයක් පමණ වූ අතර, ඉතා හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක් විය. මේ ස්ථානයේ ගෙඟ් මධ්යළයේ විශාල ගල්පරයක් වටා වේගයෙන් දෙපසට ජලය බෙදී යන ස්ථානයක් ආශරිෙන ත ව මේ මත්ස්යසයින් වාර්තා විය. මේ පරිසරයේ මහ ගල් වැලිගොව්වා ගේ පිරිමි සතුන් පස් දෙනෙකු (සම්පූර්ණ දිග 12 - 14 cm අතර )ගැහැනු සතුන් හය දෙනෙකු (සම්පූර්ණ දිග 9 - 10 cm අතර) හා එක් කුඩා පාටවෙකු (සම්පූර්ණ දිග 5.5 cm ක් වන) හමු විය.

ඉතා පෘෂ්ඨිමත් දිගටි ශරීරයක් දරන මොවුන් ගේ ශරීරයේ පෘෂ්ඨීය ප‍්‍රදේශය පැතලි ස්වභාවයක් ගන්නා නිසා ශරීරය හතරැස් ස්වරූපයක් ගනී. ගැහැනු සතුන් ගේ බඩවත ප‍්‍රදේශය පුළුල්ව නෙරා පිහිටීම හේතුවෙන් හතරැස් ස්වරූපය එතරම් පැහැදිලි නැත.

වර්ණ රටාව හා පෘෂ්ඨීය වරල්වල ස්වභාවය අනුව මේ විශේෂයෙන් ගැහැනු පිරිමි සතුන් වෙන් කර හඳුනා ගත හැකිය. පිරිමි සතුන් ගේ පළමු පෘෂ්ඨීය වරලේ දෙවන කිරණය කෙන්දක් මෙන් දිගට විහි දී ඇති අතර දෙවන පෘෂ්ඨීය වරලේ අපර ප‍්‍රදේශය පිටුපසට සිහින් ව දික් වී ඇත.ගැහැනු සතුන් ගේ මේ ආකාරයේ සැකසුමක් දැක ගත නොහැකිය.

මොවුන් ගේ ශරීරය දිප්තිමත් වර්ණවලින් සමන්විත නො වූවද සිත් ගන්නා සුළු ස්වභාවයක් ගනී. ශරීරයේ පාර්ශ්වික තද දුඹුරු පැහැ ඍජුකෝණාසරාකාර හැඩයට සමාන පුල්ලි 6කි.පළමුපුල්ලිය හොම්බේ සිට පිධානය පුරාව්යාශප්ත ව ඇත.එය තරමක් දිගටි ස්වභාවයක් ගනී.අනෙක් පුල්ලි ශරීරයේ අපර දෙසට වන විට එකින් එක කුඩාවූ ස්වභාවයකින් යුක්ත වේ.එම පුල්ලි අතර පර් දදේශය ලා දුඹුරු පැහැති ය.පෘෂ්ඨීය ව පටි ආකාර තද දුඹුරු පැහැපුල්ලි 8 කි.පළමු පුල්ලි හතර පළලින් වැඩි ය. ඉතිරි පුල්ලි හතර පළලින් ඉතා අඩු ය.පුල්ලි අතර ප‍්‍රදේශය ලා දුඹුරු පැහැති ය.

පෘෂ්ඨිය ව ඇස් දෙක සම්බන්ධ කරමින් තද දුඹුරු පැහැ ඉරක් විහි දී ඇත.ලය වරල් හැර අනෙක් වරල් ලා තැඹිලි මිශ්‍ර ලා දුඹුරු පැහැතිය.ලය වරලේ මධ්‍ය මඩ දුඹුරු පැහැවන අතර වටේ දාරය කහ - තැඹිලි පැහැතිය.ගැහැනු සතුන් ගේ වර්ණ රටාවේ විශේෂත්වය නම් පෘෂ්ඨීය ව පිහිටන මඩ දුඹුරු පැහැ පළමු පටි තුන මත තැනින් තැන කහ පැහැ මිශ්‍ර ද ලා දුඹුරු පැහැ කුඩා පුල්ලි පිහිටීම හා ශරීරයේ පුල්ලි හා පටි අතර ප‍්‍රදේශය කහ පැහැය මිශ්‍ර ලා දුඹුරු පැහැ වීමය.

මොවුන් ගේ මුඛය උදරීය පැත්තේ පූර්ව ව පිහිටයි. එය අඩ සඳක හැඩය ගනී. එහි විශ්කම්භය සෙන්ටිමීටරයක් පමණවේ. මෙය ජලජ පාසි උලා කෑමට ප‍්‍රයෝජනවත් වන ලෙස සැකසී ඇත.අනෙක් වැලිගොව්වන්ට සාපේක්ෂව (ශරීර ප‍්‍රමාණයට සාපේක්ෂව) කුඩාම චූෂකරය (Sucker) පිහිටන්නේ මේ විශේෂයට ය.
චූෂකරය සැක සී ඇත්තේ ශ්‍රෝනි වරල් යුගල එකට එකතු වී තනි වරලක් ලෙස සැකසීමෙනි. මෙය උදරීය පැත්තේ තනි වරලක් ලෙස පිහිටමින් පෘෂ්ඨයේ ඇලී සිටීමට උපකාර වේ. එහි විශ්කම්භය වැඩුණු සතුන් ගේ සෙන්ටිමීටරයක් පමණ වන අතර පෘෂ්ඨයේ ලැග සිටිනවිට දී ශරීරයෙන් ආවරණය වී ඇති නිසා බාහිරට නො පෙනේ. මේ මත්ස්‍ය විශේෂයේ චූෂකරය කුඩා වුව ද පෘෂ්ඨය තදින් අල්ලා ගැනීමේ හැකියාවෙන් ඉතා ඉහළ බව පෙනී ගියේ ය. වේගයෙන් ගලා
බසිනා දිය පහරේ ගල් මත ඇති දිය සෙවල ආහාරයට ගන්නා මේ මත්ස්ය්යින් පෘෂ්ඨයේ රැුදී සිටීමට මේ චූෂකරය උපයෝගී කර ගනී. තවද මේ මසුන් ගේ ලක්ෂණය නිරීක්ෂණය කිරීම සඳහා අල්ලා ගෙන ඉටි බෑගයකට දැමූ විට ජලයෙන් ඉහළට පන බෑගයේ පෘෂ්ඨයේ චුෂකරය ආධාරයෙන් එල්ලීම සිදු කළ විට නැවත ජලයට දැමීමට පෘෂ්ඨයෙන් ඉවත් කිරීම ඉතා අපහසු ය. වෙනත් වැලිගොව්වන් පිළිබඳ ව මෙවැනි අත්දැකීම් ඇති මුත් ඔවුන්ගේ මෙවන් අපහසුතාවක් ඇති වී නොමැත.

අනෙක් වැලිගොව්වන්ට සාපේක්ෂ ව සංවේදීතාවය අතින් සහ ශක්තිමත්භාවය හා වේගයෙන් පිහිනා යෑමේ හැකියාව අතින් මහ ගල් වැලිගොව්වා ඉදිරියෙන් සිටින බව පෙනී ගියේ ය. විවෘත ස්ථානවල ඇති ගල්පර මත ඇති දියසෙවල සූරා කෑමේ යෙදී සිටින මොවුන් සැඟ වී සිටීමට ද ස්ථානයක් වෙන් කර ගනී. එම ස්ථානය හොඳින් ආවරණය වූ අඳුරු ස්ථානයක් වන අතර මසුන් කිහිප දෙනෙක් ම එකම ස්ථානය සැඟවීමට භාවිතා කරයි. බිය වූ විට වේගයෙන් පිහිනා ගොස් එම ස්ථානයේ සැඟවීම මොවුන් ගේ විශේෂත්වයකි. අනෙක් වැලිගොව්වන් ගේ මෙවැනි චර්යාවක් දැක ගැනීමට ලැබී නැත. තවද නිදැල්ලේ ලැග සිටින අවස්ථාවල දී ගල්පර යට සැඟ වී හිස පමණක් පිටතට සිටින සේ රැුදී සිටී. ඒ සඳහා දිය පහරට පරිට තිවිරුද්ධ පැත්තේ ස්ථානයක් තෝරා ගනී. මේ විශේෂයේ ගැහැනු, පිරිමි සතුන් හා කුඩා පැටවුන් එකට සිටිනු දැක ගන්නට ලබුණු අතර වෙනත් පතුළේ ලැග සිටින වැලිගොව්වන් හා ගල්පාඩින් සමඟ සාමකාමී ව ජීවත්වනු නිරීක්ෂණය කිරීමට ලැබුණි.

නිග්ගහ දොලේ සම්පූර්ණ ප‍්‍රදේශයේ ම මේ ලියුම්කරු විසින් මත්ස්‍ය අධ්‍යයනය සිදු කළ නමුත් මහ ගල්වැලිගොව්වා වාර්තා වූයේ එක් ස්ථානයකින් පමණක් වීම විශේෂිත කරුණකි. මේ ස්ථානය ආවරණය වන පරිදි මීටර 100 ක පමණ පර්ථාදේශයක් තුළ ලංකාවේ ඉතා දුර්ලභ හා සීමිත ව්යාවප්තියක් ඇති වැලිගොව්වන් විශේෂ දෙකක්(Sicyopus jonklaasi) වන කටරතු වැලිගොව්වා (Schismatogobius deraniyagalai)හා තොල රතු වැලිගොව්වා වාර්තා වූ අතර, බලි වැලිගොව්වා (Awaous melanocephalus) හා මහ වැලිගොව්වා (Glossogobius giuris) යන විශේෂ දෙක ද වාර්තා විය. වැලිගොව්වන්ට බන්දුතා දක්වන මත්ස්‍ය යකු වන කඳන් කුඩුප්පුවා (Eleotris fusca) ද මහ ගල් වැලිගොව්වා හමු වූ ස්ථානයේ ම වාර්තා විය. මේ අනුව නිග්ගහ දොළේ මේ ස්ථානය ලංකාවේ වැඩි ම වැලිගොව්වන් පර්ව මාණයක් එක් තැනකින් හමුවන හා දුර්ලභත ම වැලිගොව්වන් විශේෂ තුනක් එක ආසන්නයෙන් වාර්තාවන සුවිශේෂී වාසස්ථානයක් ලෙස පැවතුනි. මේ සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් පළ කළ අතර ආරක්ෂාකර ගත යුතු ස්ථානයක් ලෙස ද හුවා දකවන ලදී.

මහ ගල් වැලිගොව්වා ගේ චර්යා රටාවන් පිළිබඳ ව හා අනෙක් දුර්ලභ වැලිගොව්වන් ගේ චර්යා රටා පිළිබඳ වමෙන්ම මේ සුවිශේෂී මත්ස්‍ය වාසස්ථානය පිළිබඳ ව මේ ලියුම්කරු විසින් අඛණ්ඩව අධ්යඳයනය සිදු කළේය. පසු කලෙක දී මේ මසුන් වාර්තා වන ස්ථානයට මීටර 75 ක් පමණ දුරින් ගෙඟ් ඉහළින් පාලමක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ විය. නිග්ගහ දොළ හාරා බෝක්කු සවිකර සකස් කළ මේ පාලම හේතුවෙන් අධික රොන් මඩ හා මාණයක් ගෙඟ් පහළට ගසා ගෙන යෑම නිසා වැලිගොව්වන් ගේ ක්ෂුද්රක වාසස්ථානයේ පස් තැන්පත් වීම හේතුවෙන් වෙනස් වීම් වලට ලක් විය. ප‍්‍රමණක් නො ව ඉදි කිරීම් කාලය තුළ නිරන්තරයෙන් සිමෙන්ති ජලයට
මුසු වීම ද මේ මසුන් ගේ පැවැත්මට තර්ජනයක් විය.

2006 වසරේ හා මේ වසරේ කාලයේ දී මේ මසුන් ගේ වාසස්ථානයේ අධ්යලයන කටයුතු නැවත වරක් සිදු කළ නමුත් මහ ගල් වැලිගොව්වා හා කට රතු වැලිගොව්වා මේ ස්ථානයෙන් හෝ ඒ ආශ‍්‍රිත වෙනත් ස්ථානවලින් හමු නොවීම විශේෂත්වයක් විය. මහ ගල් වැලිගොව්වා ගේ චර්යා රටාවන්ට ගැලපෙන ලෙස සැඟවුම් ස්ථාන සහිත ව ගල්පර වලින් සකස් වී තිබූ වේගයෙන් ජලය ගලා යන ක්ෂුද්‍ර  වාසස්ථානය සම්පූර්ණයෙන් ම විනාශ වී පස්වලින් වැසී තිබීමමේ තත්ත්වයට හේතු වන්නට ඇත.

මීට අමතර ව මේ පර වනදේශය ආශරිද් ත ව නවත ම නීති විරෝධී උපකරණ භාවිතයෙන් මසුන් මැරීම සිදු කරනු දැක ගන්නට ලැබිණි. නීති විරෝධී ලෙස පරද් ධාන විදුලි බල පද්ධතියෙන් කම්බි හා රැුහැන් ආධාරයෙන් විදුලිය ලබා ගෙන නිග්ගහ දොලේ තැනින් තැනට විදුලිය යොදා මසුන් අඩපන කර අල්ලනු දැක ගත හැකි විය. මේ ක‍්‍රමයෙන් සැඟ වීසිටින මසුන් ඇතුළු ව විශාල පරලියමාණයක් එකවර අල්ලා ගනු දැකගන්නට ලැබුණි. මේ ආකාරයට විදුලිය යෙදීමෙන්
මහ ගල් වැලිගොව්වා වාර්තා වූ ස්ථානයේ හා ඒ ආශරියක්ත පරගන දේශයේ කඳන් කුඩුප්පුවන්, මගුරන්, මස්පෙතියන් හා දන්කොළ පෙතියන් රාශියක් අල්ලා ගනු දක්නට ලැබිණි.

මේ හානිකර විදුලි සැර යෙදීමේ කරනු මය කෙතරම් දුරට මහ ගල් වැලිගොව්වන් ගේ පැවැත්මට බලපෑවේ ද යන්න සනාථ කිරීමට සාක්ෂි නොමැති මුත් පාලමක් ඉදිකිරීම වැනි කුඩා ඉදි කිරීමක් හේතුවෙන් මහ ගල් වැලිගොව්වන් ක්ෂුද්‍ර වාසස්ථාන වෙනස්වීම නිසා ලංකාවේ ඉතා ම දුර්ලභ මත්ස්ය  විශේෂයක් වඳ වී යාම ඛේදනීය තත්ත්වයකි.මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුම්වත් කළ ද මත්ස්යවයකු සම්බන්ධයෙන් සොයා බැලීමට තරම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පරිසර අමාත්යං්ශය තව ම ව්යුවහගත වී නොමැත.
ගේ මෙවන් දුර්ලභ මත්ස්යන විශේෂ වාර්තාවන සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කළ යුතු ව පැවැතිය ද මේ ආකාරයට හඳුනා ගත් සුවිශේෂී පිරිසර විනාශ වීමට ඉඩදීම ජාතියේ අවාසනාවකි. ඉදිරියේ දී හෝ මෙවන් වටිනා හුදෙකලා වනජීවී වාසස්ථාන පිළිබඳ ව අනාවරණය කළ විට වගකිව යුතු අංශවල අවධානය යොමු වේ යැයි අප බලාපොරොත්තු වෙමි.

රක්ෂිත භාවයේ උරුමය අහිමි වූ ඉදිකඩ මූකලාන



3

පහතරට ද්විතීයික තෙත් වනාන්තර කිහිපයක්ම කොළඹ දිස්ත‍්‍රික්කය ඇසුරේ පිහිටා තිබේ.ඒවා සියල්ලම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.කනන්පැල්ල වන රක්ෂිතය කොළඹ දිස්ත‍්‍රික්කයෙහි පිහිටි පැරැුණිතම රක්ෂිත වනාන්තරය යි.මීට අමතර ව මිරියාගල්ල හා ගැටේමාවර නමින් යෝජිත රක්ෂිත කිහිපයක් ම කොළඹ දිස්ත‍්‍රික්කයෙහි පිහිටා තිබේ.කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් විශාලත ම රක්ෂිත වනාන්තරයලබුගම - කලටුවාව වන රක්ෂිතය යිග  මේ රක්ෂිතයේ කොටසක් රත්නපුර දිස්ත‍්‍රික්කයෙහි ද ව්‍යාප්ත ව තිබේ.

කොළඹ දිස්ත‍්‍රික්කයෙහි පිහිටි ඉතා ම අතළොස්සක් වන පහතරට වැසි වනාන්තර අතුරෙන් ඉදිකඩ මූකලානටසුවිශේෂත්වයක් හිමි  වන්නේ ජෛව විවිධත්වයෙන් ඉතා  පොහොසතල් කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි  දෙවන විශාලතම ද්විතීයික තෙත් වනාන්තරය වීම නිසයි.පාදුක්ක හා හංවැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 10 ක පමණ ව්‍යාප්ත ව ඇති මේ වනාන්තරයේ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 572 ක් පමණ වේ.කැලණි ගෙඟ් අතු ගංඟාවක් වන වක්ඔයේ ප‍්‍රධාන ජල පෝෂක අතුරෙන් එකක් වන්නේ ඉදිකඩ මූකලාන යි.වනාන්තරය තුළින් ගලා බසිනා හීන් දොළල  වවුළුගල ඇළල  කක්කුටුදෙණිය ඇළල  ¥ල්හේන්කන්ද ඇළ  වැනි  දොළ  පහරවලින්  වක්ඔය  පෝෂණය  වේග  කඳු  වැටි  ගණනාවකින්  සමන්විත  මේ  වනාන්තරයේ හොක්කලානල   මිනිමන්විල  කැලේල   උණපඳුරුහේන  මූකලානල,ලහෙලන්දල   කොස්ගහලන්ද,දුම්මලලන්ද,ගෝනමඩිත්ත මූකලාන,¥ල්හේන කන්ද,කඩුගොඩ කන්ද,පැල්පොල කන්ද,බැරේගල කන්ද යන කඳු දැකගත හැකි වේග.
1960 වසරේ  දී  පමණ  වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ  පාලනයට  යෝජිත  රක්ෂිතයක්  ලෙස  ඉදිකඩ මූකලාන එක් විය.වන ආඥා පනත යටතේ 2008 ඔක්තෝම්බර් මස 21 වන දින අංක 1572/9 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 572 කින් සමන්විත ඉදිකඩ මූකලාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත වනාන්තරයක් බවට පත් කැරිණි.එවකට පාරිසරික හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා මෙය රක්ෂිතයක් බවට පත් කරනු ලැබ හරියට ම මාස තුනක් ගත වන දින එනම් 2009 ජනවාරි මාස 21 වන දා අංක 1585/14 දරන ගැසට් නිවේදනය මඟින් මෙය රක්ෂිත භාවයෙන් ඉවත් කළේය.ඒ අවදියේ දී මේ බව වසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ඒ පිළිබඳව විරෝධයක් ඇති වේ යැයි පවතින බිය නිසා මය.
2
මේ  පිළිබඳ  ව  වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ  එවකට  වන  සංරක්ෂණ  ජෙනරාල්  සරත්  ප‍්‍රනාන්දු මහතාගෙන් කරුණු විමසූ විට ඔහු පවසා සිටියේ මේ වනාන්තරයේ කොටසක වාණිජ වන වගාවන් පවතින හෙයින් එය ඉවත් කර නැවත වන රක්ෂිතය ගැසට් කිරීමට පියවර ගන්නා බව ය.  මෙය සාවද්‍ය ප‍්‍රකාශයකි.මෙසේ පවසා ජනතාව මුළා කිරීමට නිලධාරීන් උත්සාහ ගැනීම පිළිබඳ ව අපි කනගාටු වෙමු.එපමණක්  නොව  මේ  ප‍්‍රකාශයෙන්  පෙනී  යන්නේ  වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුව  ඉදිකඩ  මූකලානේ වාණිජ වගාවක් පවතින බව නොදැන එය ගැසට් නිවේදනයක් මඟින් රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කළබවය.අනෙක් ගැටලූව නම් වාණිජ වගාවල  වන රක්ෂිතයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් කළ යුතු ව තිබුණේ වාණිජ වගාව පිහිටි ප‍්‍රදේශය මැනීම් කර ඒ ප‍්‍රදේශ පමණක් ගැසට් නිවේදනයක් මඟින් රක්ෂිතයෙන් ඉවත් කිරීම යි.තව ද වන රක්ෂිතයක් තුළ පවතින වාණිජ වගාවක් ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාව වන ආඥා පනතට  අනුව  ගැටලූවක්  නොවේ.සංරක්ෂිත  වනාන්තරයක  පවතින  වාණිජ  වගාවක්  නම්  ප‍්‍රයෝජනයට ගැනීම  කළ  නො  හැකි  අතර,රක්ෂිතයක  එවන්  නෛතික  ගැටලූවක්  නොපවතී.මෙහි  දී  පෙනී  යන්නේ වෙනත් යටි අරමුණක් උදෙසා මේ වන රක්ෂිතය,රක්ෂිත භාවයෙන් ඉවත් කළ බවත් ඒ පිළිබඳ ව වසන් කිරීමට එවකට සිටි වන සංරක්ෂණ ජෙනරාල්වරයා මුසාබස් පැවැසූ බවත්ය.4
මෙහි සැබෑ තත්ත්වය මෙය නො වේ.කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් එක් රැුස් කරන කැළි කසළ හා කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්දේ කැළි කසළ ගෙනැවිත් ඉදිකඩ මූකලානේ එක් කෙළවරක ගොඩගැසීම සඳහා හිටපු පරිසර අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කැරිණි.පැල්පොල ග‍්‍රාමනිලධාරී  වසමට  අයත්  ඉදිකඩ  මූකලානේ  වනාන්තර  එළි  පෙහෙළි  කර  මේ  මහා  පරිමාණ  කුණු  රැුඳවුම් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට යෝජනා විය.එහෙත් ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ඉදිකඩ මූකලාන රක්ෂිතතත්ත්වයේ  පැවතීම  ගැටලූවක්  බව  අවබෝධ  කර  ගත්  හිටපු  පරිසර  අමාත්‍යතුමා  කඩිනමින්  ඉදිකඩ  වන රක්ෂිතයල  රක්ෂිත භාවයෙන් ඉවත් කරන ලදි.ඒ සඳහා සුදු හුණු ගෑමට හිටපු වන සංරක්ෂණ ජෙනරාල්වරයා මුසාබස්  පැවසීම  කනගාටුවට  කරුණකි.අඥාන  දේශපාලකයන්  ගේ   ඕනෑ  ම  ක‍්‍රියාවකට  තම  පුටුව  රැුක
ගැනීමට එහෙයි කියන  මෙවන් නිලධාරීන්ට එරෙහි ව ජනතාව පෙළ ගැසිය යුතු ව තිබිණි.
ප‍්‍රදේශවාසීන් ගේ හා සැබෑ පරිසර ක‍්‍රියාධරයන් ගේ උද්ඝෝෂණ හමුවේ හිටපු පරිසර අමාත්‍යතුමා ගේ ඉදිකඩ මූකලාන මහ පරිමාණ කැළි කසළ ව්‍යාපෘතිය හකුලාගැනීමට සිදු විය.එය එසේ වුව ද වසර දෙකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් රක්ෂිත භාවයෙන් ඉවත් කළ ඉදිකඩ මූකලාන තව ම රක්ෂිතයක් බවට ප‍්‍රකාශයටපත් කිරීමට උත්සාහයක්වත් ගෙන නොමැත.එහි කඩිනම්  අවශ්‍යතාව  මනාව අවබෝධ  කර ගැනීමට මේ වනාන්තරයට අදවන විට එල්ල වෙමින් පවතින අති බහුතරයක් වූ තර්ජන ප‍්‍රමාණය ම සෑහේ.
අද වන විට තර්ජන බොහොරමයකට ලක් ව නො නැසී පැවැතීමට උත්සාහ දරන ඉදිකඩ මූකලාන සුවිශේෂී ජෛව විවිධත්වයක් දරා සිටින වනාන්තරයකි.මෙහි ජෛව විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයන ප‍්‍රමාණයක් සිදු කර ඇත.1997 වසරේ දී ශ‍්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන් ගේ සංගමයේ චන්ද්‍රලාල් කුමාර සහ ප‍්‍රදීප් නාලක රණසිංහ යන පර්යේෂකයන් සිදු කළ ඉදිකඩ මූකලානේ ජෛව විවිධත්වය පිළිබඳ වාර්තාව සහමේ  ලියුම්කරු  විසින්  2001-2002 වසරවල  සිදු  කරන  ලද  ඉදිකඩ  මූකලානේ  සත්ත්ව  විවිධත්වය  පිළිබඳ අධ්‍යයන  වාර්තාවේ  දත්ත සම්පින්ඩනය  කළ  විට  ඉදිකඩ  මූකලානේ  ජෛව  විවිධත්වය  පිළිබඳ  ව  හොඳ අවබෝධයක් ලබා ගත  හැකි ය.ඒ තොරතුරු  පාදක කර ගෙන 2008 වසරේ දී  මේ වනාන්තරය  රක්ෂිත තත්ත්වයට  පත්  කරන  ලදි.එහෙත්  දේශපාලඥයන්  ගේ  අඥාන  තීරණ  හේතුවෙන්  එය  කඩිනමින්  රක්ෂිත භාවයෙන් ඉවත් කිරීම ලංකාවේ ස්වාභාවික සම්පත් කළමනාකරණයේ අවිධිමත් භාවය මනාව විද්‍යමාන කරන අවස්ථාවකි.
ඉදිකඩ  මූකලාන  ද්විතීයික  තෙත්  වනාන්තරයකිග  හැටේ  දශකයේ  දී  මේ  වනාන්තරයේ  සමහර  ප‍්‍රදේශ  එළි පෙහෙළි කිරීම්වලට ලක් ව තිබේ.  හැටේ දශකය වන විට පැවැති වනාන්තර හෙක්ටයාර 786 අද වන විට සීග‍්‍රයෙන්  ක්ෂය  වී  ඇත.1975-1977  වසරවල  එසේ  එළි  පෙහෙළි කළ  බොහෝ ප‍්‍රදේශයන්හි  පයිනස් හා ඇරැුව්කේරියා ශාක වගා කර තිබේ.අද වන විට ඒ වගාවන්හි යටි ස්තරයේ දේශීය ශාක විශේෂ ඉතා හොඳින් වර්ධනය වී  ඇති  ආකාරය  නිරීක්ෂණය  කළ  හැකිය.ඉදිකඩ  මූකලානේ  බොහෝ  ප‍්‍රදේශ  ද්විතීය  තෙත් වනාන්තර වැස්මක් සහිතය.එහි ආවේණික විශේෂ 25 ක් ඇතුළු ව දැවමය ශාක විශේෂ 88 ක් පමණ වාර්තාවී  තිබේ.අරිද්ද,අංකෙන්ද,හොර,මලබොඩ,තීනිය  ¥න්,කිතුල්,කටු  කිතුල්,වලූ කීන,වල්දෙල්,මිල්ල,බටදොඹ,නවද, බූකැන්ද,සපු,කුඩුදවුල,නැදුන්,බටදොඹ වැනි ශාක ඒ අතර වෙයි.

මෙහි නෙරු ස්තරය,වියන් ස්තරය,උප වියන් ස්තරය හා බිම් ස්තරය වශයෙන් පැහැදිලි ස්තරීභවනයක් දැක ගත හැකිය.දිය පහරවල් ආශ‍්‍රිත ව ගංඟාශ‍්‍රිත වනාන්තර තීරයක් දැක ගත හැකි අතර,දියපහරව හා ඒ ආශ‍්‍රිත ව කූඩලූ,කෙටල,අතිවිඩයන්,කෙකටිය ශාක විශේෂ දැක ගත හැකිය.අපිශාකීය උඩවැඩියා හා මීවන ශාක විශේෂ බහුලව මේ වනාන්තරය තුළ දැක ගත හැකිය.මීට අමතරව වනරාජ වැනි භෞමික උඩවැඩියා විශේෂ ද මෙහි දැක ගත හැකිවේ.මෙහි උඩවැඩියා විශේෂ 29 ක් පමණ වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි.වනාන්තරයතුළ කඳු වැටි ආශ‍්‍රිත ව පිහිටන ”දෙණි” ලෙස හඳුන්වන විශේෂිත වගුරුමය තෙත්බිම් පරිසර පද්ධතීන්හි ගස් මීවන ශාක විශේෂ බහුල ව දැක ගත හැකිය.

5මත්ස්‍යයන්,උරගයන්,උභයජීවීන්,පක්ෂීන්,ක්ෂීරපායින් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් ජීවී විශේෂ 228 ක් පමණ ඉදිකඩ මූකලානින් වාර්තා වී ඇත.ඒ අතර ආවේණික විශේෂ 55 ක් පමණ වේ.එය ප‍්‍රතිශතයක් ලෙස ගත් විට 24% ක ආවේනිකතාවකි.ඉදිකඩ මූකලාන තුළ හා ඒ ආශ‍්‍රිත ව පිහිටි දිය පහරවල මත්ස්‍ය විශේෂ 35 ක් පමණ වාර්තා වේ.ඒ අතර ආවේණික විශේෂ 16 ක් පමණ වෙයි.එහි ආවේණික ප‍්‍රතිශතය 46% ක් තරම් ඉහළ අගයක් ගනී.2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ අවදානමට ලක්වූ ආවේණික මත්ස්‍ය විශේෂ වන දෙපුල්ලියා (Puntius cumingii&), විල්පිට දන්ඩියා (Rasbora wilpita),  තොල රතු  වැලිගොව්වා (Sicyopus jonklaasi)  හල්මල්  දණ්ඩියා  (Rasboroides veterifloris)  වැනි  විශේෂ  මේ වනාන්තරයේ වාර්තා වේයි.
ඉදිකඩ මූකලානේ පක්ෂි විශේෂ ගණන92 ක් පමණ වේ.ඒ අතර ආවේණික විශේෂ 17 ක්  වෙයි.ආවේණික පක්ෂි විශේෂ අතර දුර්ලභ පක්ෂීන් වන හබන් කුකුළා(Spur fowl), බට ඇටිකුකුළා(Green‐billed Coucal), පිටතඹලා වන බස්සා (Chestnut‐backed Owlet), අළු ගිරවා(Leyard’s Parakeet), සහ තරමක් සුලභ  ආවේණික  පක්ෂීන්  වන  වන  වලිකුකුළා  (Jungle fowl), දෑ  දෙමලිච්චා (Scimitar Babbler),අළු කෑදැත්තා (Grey Hornbill), රන් නළල් කොට්ටෝරුවා (Yellow ‐ fronted Barbet), ගිරා මලිත්තා (Lorikeet) හිස කළු කොණ්ඩයා (Black – capped Bulbul) වැනි විශේෂ මෙහි වාර්තා වේ.
ආවේණික විශේෂ අටක් ඇතුළුව උරග විශේෂ 22 ක් පමණ මේ වනාන්තරයෙන් වාර්තා වී තිබේ.සබරගමුව කඳුවැටියේ පමණක්  වාර්තා වන ලංකාවට ආවේණික විශේෂයක් වන රළු ගල්පර මැඩියා(Nannophrys ceylonensis)වැනි ආවේණික උභයජීවී විශේෂ 05ක් ඇතුළුව උභයජීවී විශේෂ 08 ක් පමණමෙහි වෙසෙතැයි වාර්තා වේ.
ක්ෂීරපායී විශේෂ 18 ක් පමණ වාර්තා වී ඇති මෙහි,ආවේණික ක්ෂීරපායී විශේෂ 05 ක් පමණ වේ. ඒ අතරලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ ක්ෂීරපායින් වන රත් උණහපුළුවා (Loris tardigradus) හා රන් හෝතඹුවා(Paradoxarus aureus)වැනි ආවේණික විශේෂ මෙහි ජීවත් වෙයි‍.
සමනළ විශේෂ 53 ක් පමණ මේ වනාන්තරයෙන් වාර්තා වේ‍. ඒ අතර ආවේණික විශේෂ 04 කි.Ceylon Rose, Tree Nymph, Ceylon Birdwing වැනි  ආවේණික  සමනළ  විශේෂ  සහ Tawny Rajah, BandedPeacock, Clipper, Rustic, Commander වැනි සමනළ විශේෂ ද ඒ අතර වෙය.
කොළඹ  දිස්ත‍්‍රික්කයේ පිහිටි මෙවන්  වටිනා තෙත්  වනාන්තරයක්  රක්ෂිත  තත්ත්වයට  පත්  කර  නෛතිකආරක්ෂාව දැඩි කළ යුතු ව තිබිය දී එහි කැළි කසළ රැුඳවීම සඳහා රක්ෂිත තත්ත්වයෙන් ඉවත් කිරීම යනු ඉතා අඥාන ක‍්‍රියාවක. මේ වනාන්තරය  කඩිනමින්  නැවත  වරක්  රක්ෂිත  තත්ත්වයට පත්  කරන මෙන් වත්මන් පරිසර අමාත්‍යවරයා ගෙන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් අපි ඉල්ලා සිටිමු.ඒ අන් කිසිවක් නිසා නොව මෙහි ජෛව විවිධත්වයට අද වන විට එල්ල වන පාලනය කළ නොහැකි  අතොරක්  නැති  තර්ජන  හේතුවෙනි.1

කඩුගොඩ,ඌරුවල,දිගන,ඉලූක් ඕවිට,ඉරිදාපොළ,වැලිකන්න,ළහිරුගම, හිඟුරල ආදී ප‍්‍රදේශවලට අයත් ඉදිකඩ මූකලාන තුළ අනවසර වනාන්තර එළිපෙහෙළි කිරීම බහුලව සිදුවේ.ඒ ප‍්‍රධාන වශයෙන් වගාබිම් ව්‍යාප්තකිරීමට මෙන්ම ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහාය.ඉරිදපොළ,පැල්පොළ,වැලිකන්න,ළහිරුගම,කඩුගොඩ කන්දල  ඉලූක් ඕවිට හා දිග ආදී ප‍්‍රදේශවල කුඩා ශාක මුක්කු ස`දහා කැපීම බහුල ව සිදු වේග  එසේ කපා ඉවත් කරන කුඩා ශාක අගනුවර ආශ‍්‍රිත  ඉදිකිරීම් කටයුතු සඳහා මුක්කු ලෙස අනවසරයෙන් ප‍්‍රවාහනය කැරේ. මේ ඉවත් කරන්නේ අනාගත වනාන්තර ශාක වැස්ම බව නො සිතන හිත් පිත් නැත්තවුන් ඉදිරියේ දී ඇති විය හැකි ජල අර්බුදයන් ගැන නො සිතති. එ පමණක් නොව වනාන්තර තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය,දැව ශාක කැපීම, සහ වන සතුන් දඩයම ආදී හානි කර කි‍්‍රයා රැුසක් පාලනය කර ගත නො හැකි මට්ටමින් සිදු වේග මේ නිසා අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ පෙර  වැරැුදි  ගැන  නො  සිතා  ඉදිකඩ  මූකලාන  කඩිනමින්  රක්ෂිතයක්  බවට  ප‍්‍රකාශයට  පත්  කර  නෛතික ආරක්ෂාව  දැඩි කරන ලෙසත් මේ  හානි කර ක‍්‍රියා  පාලනයට  වන සංරක්ෂණ නිලධාරීන් ප‍්‍රමාණවත් පරිදි
යොදවන ලෙසත්ය.


සිංහරාජය වටා පිහිටි මේ වනාන්තර පවරා නොගන්නේ ඇයි?

යටත්විජිත යුගය තුළ ආර්ථීක බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක්‌ එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස තෙත් කලාපයේ දැනට කුට්‌ටිකරණය නොවූ විශාල වනාන්තර ඉතිරි වී ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. එA අතුරින් සිංහරාජ අඩවියට සුවිශේෂී තැනක්‌ හිමි වේ. අද වන විට යටත්විජිත යුගය සම්පූර්ණයෙන්ම නිමා වී වසර 63 ක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් තෙත් වනාන්තර පද්ධති ආරක්‌ෂා කර ගැනීමට අපට නොහැකි වී ඇත. එA නිසාම වසර කිහිපයකට වරක්‌ ලෝක සංරක්‌ෂණ සංගමය මගින් සකස්‌ කරන වඳවීමේ තර්ජනයට ලක්‌ වූ ජීවීන්ගේ තොරතුරු ඇතුළත් රතු දත්ත ලේඛනය ක්‍රමක්‍රමයෙන් ජීවීන්ගෙන් පිරී යමින් පවතී. විශාල වියදමක්‌ වැය කර සකස්‌ කරන රතු දත්ත ලේඛනයෙන් ප්‍රයෝජන ගැනීම හෝ රටේ ප්‍රතිපත්ති සකස්‌ කිරීමේ දී එවැනි ලේඛන උපයෝගී කර ගැනීම හෝ සිදු වන බවක්‌ පෙනෙන්නට නොමැත. බොහෝ විට එAවා එකිනෙකින් ව්‍යqක්‌ත වූ වාර්තා ලෙස පමණක්‌ පවතී.

ලංකාවේ වනජීවීන් පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණවල තත්ත්වය ද එසේම ය. විවිධ පර්යේෂණ ආයතන මගින් වනජීවීන් පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල රක්‌ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ දී හෝ එAවා පුළුල් කිරීමේ දී හෝ වැඩිදියුණු කිරීමේ දී සැලකිල්ලට ගනු ලබන බවක්‌ පෙනෙන්නට නැත. මේ නිසා අප රටේ ස්‌වාභාවික පරිසර පද්ධති සංරක්‌ෂණය යන්න ගැසට්‌ නිවේදනයට සීමා වූ රක්‌ෂිතයන් ආරක්‌ෂා කිරීමට පමණක්‌ සීමා වී ඇත. ඉන් ඔබ්බට පර්යේෂණ වල ප්‍රතිඵලය භාවිත කරමින් රක්‌ෂිත ප්‍රදේශ ගොඩනැඟීමේ සැලසුම් සකස්‌ කිරීමට අදාළ රාජ්‍ය අංශවල නිලධාරීන් කිසිවිටක කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

ඊට හොඳම සාක්‌ෂි සපයන්නේ සිංහරාජ අඩවියෙනි. සිංහරාජ අඩවියේ භාරකරුවා වන, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව 80 දශකයේ අග භාගයෙන් පසුව අද වන තෙක්‌ සිංහරාජයට පැමිණෙන සංචාරක පිරිස වැඩි කර ගැනීමෙන් වැඩි ආදායමක්‌ උපද්දවා මහා භාණ්‌ඩාගාරය තර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට එළැඹීම හැර සිංහරාජ අඩවියේ වනජීවීන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් වලට එළැඹ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි. එA බවට සිංහරාජය වටා පිහිටි අඩවි වන කාර්යාල වල නිලධාරීන් සාක්‌ෂි දරනු ඇත. 

සිංහරාජ අඩවිය වටා සිදු වන නීති විරෝධී ක්‍රියා මැඬලීමට නීතිය ක්‍රියාත්මක කිරීම හා සංරක්‌ෂණ සැලසුම් සකස්‌ කිරීම වෙනුවට නිලධාරීන්ට සිදු වී ඇත්තේ සංචාරකයන් සඳහා ටිකට්‌පත් නිකුත් කිරීම හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ය. මේ සඳහා වැඩි සේවක පිරිසක්‌ හා කාලයක්‌ යෙදවීමට සිදු වීම නිසාවෙන් සිංහරාජය වටා සිදු වන, වන අපරාධ ප්‍රමාණයට සාපේක්‌ෂව ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. මේ නිසාම දැව ජාවාරම, තේ වගාව සඳහා වනාන්තර නිරන්තරයෙන් එළි පෙහෙළි කිරීම හා වන සත්ත්ව දඩයම යන ප්‍රධාන නීති විරෝධී ක්‍රියා සිංහරාජය වටා නිරන්තරයෙන් සිදු වේ. අප කුඩව දී දකින සුන්දරත්වය සිංහරාජය වටා පිහිටි අනෙක්‌ බොහෝ ප්‍රදේශවල දී මේ නිසා ම දැකගත නොහැකි තත්ත්වයට පත් ව තිබේ.

ලිත සාධක වලට අනුව සිංහරාජ අඩවියට ආරක්‌ෂාව සැලසීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය තුළ ය. Waste Lands Ordiance නම් ආඥා පනත යටතේ 1875 මැයි මස 08 වැනි දින අංක 4046 දරන ගැසට්‌ නිවේදනයට අනුව සිංහරාජයේ හෙක්‌ටයාර 2428.1 කින් යුත් වනාන්තර ප්‍රමාණයක්‌ රක්‌ෂිත ප්‍රදේශයක්‌ ලෙස නම් කෙරිණි. 1926 මැයි 21 වැනි දින තවත් හෙක්‌ටයාර 3724.6 ක්‌ ඊට එක්‌ කර තිබේ. 1972 වසරේ සිට 1977 වසර දක්‌වා කාලය තුළ දී සිංහරාජ අඩවියේ වතුරාව, මුලාවැල්ල, කුඩව හා අත්වැල්තොට - කළුකදාව ආදී ප්‍රදේශවලින් සිංහරාජය තුළ ට මාර්ග සකස්‌ කර තුනී ලෑලි සංස්‌ථාව සඳහා දැව ලබා ගැනීමට දැව හෙළීම් සිදු කෙරිණි. 1978 අප්‍රේල් මාසයේ දී සිංහරාජය මිනිසා හා ජෛව ගෝල රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන අවස්‌ථාව වන විට තුනී ලෑලි සංස්‌ථාව සඳහා දැව හෙළීම් කටයුතු පරිසර ලෝලීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් මත සම්පූර්ණයෙන්ම නවතා දමා තිබිණි. 

1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්‌තෝබර් 21 වැනි දින අංක 528/14 දරන ගැසට්‌ නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්‌ටයාර 11187 ක භූමි ප්‍රමාණයක්‌ ජාතික උරුම වන භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 1989 වසරේ දී යුනෙස්‌කෝව
මගින් ලෝක උරුමයක්‌ ලෙස ද සිංහරාජය ප්‍රකාශයට පත් කර තිබේ.

අතීතයේ සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් සමඟ ම සිංහරාජය ආරක්‌ෂා කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්‌ටමින් නීති සම්පාදනය විය. අද වන විට සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ පර්යේෂණ අති විශාල ප්‍රමාණයක්‌ සිදු කර තිබේ. එA අනුව සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ අප සතු දැනුම ඉතා විශාල ය. එම දැනුම උපයෝගි කරගෙන සිංහරාජ අඩවියේ රක්‌ෂිත වනාන්තර ප්‍රමාණය තව දුරටත් පුළුල් කිරීමට 1988 න් පසුව ගෙවී ගිය වසර 23 ක කාලය තුළ දී වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එම නොහැකියාව නිසා ම සිංහරාජ අඩවියට අයත් දැනට රක්‌ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප්‍රමාණයක්‌ අවදානම් තත්ත්වයක පවතී.

එම වනාන්තර සිංහරාජ ජාතික උරුම වන රක්‌ෂිතයට ඈඳීම සඳහා 2004 වසරේ ඉතා හොඳ සැලසුමක්‌ සකස්‌ විය. නමුත් ලංකාවේ බොහෝ හොඳ සැලසුම්වලට සිදු වන ආකාරයටම මේ සැලසුම ද ඉතා මන්දගාමී ලෙස ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ තත්ත්වය හේතුවෙන් අවස්‌ථාවාදී දේශපාලකයන් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගෙන මඩි තර කර ගැනීමට මේ ස්‌වාභාවික සම්පත් සූක්‌ෂම ලෙස තමන් සතු කර ගැනීමට වනාන්තර දෙකඩකරමින් මාර්ග ඉදිකිරීමට පවා පෙළැඹෙති. ඒ සඳහා අහිංසක ජනතාව ඊනියා සංවර්ධනයේ නාමයෙන් මුළා කරති. 

2004 ජුලි 22 වැනි දින අංක PS/CS/26/2004 දරන අමාත්‍ය මණ්‌ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන රක්‌ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර් භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එA) වගන්ති ප්‍රකාරව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. ඊට අදාළ ලිපිගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ දැනට වසර හතක කාලයක්‌ තිස්‌සේ කාවුන්ගේ පරිහරණය සඳහා පමණක්‌ ගොඩ ගසා තිබේ. මේ කැබිනට්‌ පත්‍රිකාව අනුව හෙක්‌ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප්‍රමාණයක්‌ සිංහරාජයට අලුතින් එක්‌ කිරීමට නියමිත ව තිබේ. මේ යෝජනාව ක්‍රියාත්මක නොවනතාක්‌ කල් මේ නොයිඳුල් වනාන්තර බිම් මාර්ග ඉදිකිරීමට, තේ, එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා පමණක්‌ නොව හෝටල් ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ. මේ තත්ත්වය වළකාලමින් මේ වනාන්තර බිම් කඩිනමින් සිංහරාජයට ඈඳා ගැනීම සඳහා කටයුතු කිරීමට දැන්වත් පරිසර අමාත්‍යතුමා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

මේ වන බිම් සිංහරාජයට ඈ¹ ගනිමින් සමස්‌ත සිංහරාජ අඩවිය රැකගැනීමට අප මෙතරම් වෙහෙසෙන්නේ අන් කිසිවක්‌ නිසා නො ව එහි ඇති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම නිසා ය. මේ පිළිබඳව ඉතා ඈත අතීතයේ අවබෝධ කර ගත් පාලකයන් එය රැකගැනීමට උත්සාහ දැරුව ද අද සිටින අඥාන දේශපාලකයන් මෙය වැනසීමට පිඹුරුපත් සැකසීම කනගාටුවට කරුණකි. 

සිංහරාජය හා සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර කඩිනමින් සිංහරාජයට ඈඳීම පමණක්‌ නොව සිංහරාජය වටා පිහිටි අනෙක්‌ සුවිශේෂී වනාන්තර සඳහා නිසි නීතිමය රැකවරණය ලබා දී සිංහරාජය හා සම්බන්ධ කිරීමට සැලසුම් සකස්‌ කිරීම ද කඩිනමින් සිදු කළ යුතු ය. මොරපිටිය - රූනකන්ද යෝජිත රක්‌ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්‌ෂිතය, පනාගල යෝජිත රක්‌ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්‌ෂිතය හා තිබ්බොටුවාව යෝජිත රක්‌ෂිතය යන වනාන්තර පහක්‌ සිංහරාජය හා සම්බන්ධව පවතී. ජෛව විවිධත්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා මේ යෝජිත රක්‌ෂිත සියල්ලම සිංහරාජයට සම්බන්ධ කර සමස්‌ත සිංහරාජ අඩවිය ම ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ බවට පත් කළ යුතුය. එසේ නොවනතාක්‌ කල් සිංහරාජයේ ජෛව ප්‍රජාවගේ රැකවරණය තහවුරු කළ නොහැකි වනු ඇත. එවන් තත්ත්වයක්‌ ඇති නොවන තෙක්‌ පොතුපිටිය, ඉලුඹකන්ද, බඹරබොටුව වැනි ප්‍රදේශ වල සිංහරාජයට මායිම්ව සිදු වන මහා පරිමාණ දැව ජාවාරම් නතර කිරීමට හෝ දැනට උඩුදුවමින් පවතින සිංහරාජයේ අලි - මිනිස්‌ ගැටුම පාලනය කිරීම පිළිබඳ සිතීමටත් අපහසු ය. ඉහත සංරක්‌ෂණ ක්‍රියාමාර්ගවලට පිවිසීමෙන් අනතුරුව සිංහරාජ අඩවිය වටා සැතපුමක හෝ කිලෝමීටරයක පමණ ප්‍රේරක කලාපයක්‌ පරිසර ආරක්‌ෂණ කලාපයක්‌ ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශයට පත් කළ යුතුය.