
ලංකාවේ වනජීවීන් පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණවල තත්ත්වය ද එසේම ය. විවිධ පර්යේෂණ ආයතන මගින් වනජීවීන් පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල රක්‌ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ දී හෝ එAවා පුළුල් කිරීමේ දී හෝ වැඩිදියුණු කිරීමේ දී සැලකිල්ලට ගනු ලබන බවක් පෙනෙන්නට නැත. මේ නිසා අප රටේ ස්‌වාභාවික පරිසර පද්ධති සංරක්‌ෂණය යන්න ගැසට් නිවේදනයට සීමා වූ රක්‌ෂිතයන් ආරක්‌ෂා කිරීමට පමණක් සීමා වී ඇත. ඉන් ඔබ්බට පර්යේෂණ වල ප්‍රතිඵලය භාවිත කරමින් රක්‌ෂිත ප්‍රදේශ ගොඩනැඟීමේ සැලසුම් සකස් කිරීමට අදාළ රාජ්‍ය අංශවල නිලධාරීන් කිසිවිටක කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.
ඊට හොඳම සාක්‌ෂි සපයන්නේ සිංහරාජ අඩවියෙනි. සිංහරාජ අඩවියේ භාරකරුවා වන, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව 80 දශකයේ අග භාගයෙන් පසුව අද වන තෙක් සිංහරාජයට පැමිණෙන සංචාරක පිරිස වැඩි කර ගැනීමෙන් වැඩි ආදායමක් උපද්දවා මහා භාණ්‌ඩාගාරය තර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට එළැඹීම හැර සිංහරාජ අඩවියේ වනජීවීන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් වලට එළැඹ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි. එA බවට සිංහරාජය වටා පිහිටි අඩවි වන කාර්යාල වල නිලධාරීන් සාක්‌ෂි දරනු ඇත.
සිංහරාජ අඩවිය වටා සිදු වන නීති විරෝධී ක්‍රියා මැඬලීමට නීතිය ක්‍රියාත්මක කිරීම හා සංරක්‌ෂණ සැලසුම් සකස් කිරීම වෙනුවට නිලධාරීන්ට සිදු වී ඇත්තේ සංචාරකයන් සඳහා ටිකට්‌පත් නිකුත් කිරීම හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ය. මේ සඳහා වැඩි සේවක පිරිසක් හා කාලයක් යෙදවීමට සිදු වීම නිසාවෙන් සිංහරාජය වටා සිදු වන, වන අපරාධ ප්‍රමාණයට සාපේක්‌ෂව ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. මේ නිසාම දැව ජාවාරම, තේ වගාව සඳහා වනාන්තර නිරන්තරයෙන් එළි පෙහෙළි කිරීම හා වන සත්ත්ව දඩයම යන ප්‍රධාන නීති විරෝධී ක්‍රියා සිංහරාජය වටා නිරන්තරයෙන් සිදු වේ. අප කුඩව දී දකින සුන්දරත්වය සිංහරාජය වටා පිහිටි අනෙක් බොහෝ ප්‍රදේශවල දී මේ නිසා ම දැකගත නොහැකි තත්ත්වයට පත් ව තිබේ.
ලිත සාධක වලට අනුව සිංහරාජ අඩවියට ආරක්‌ෂාව සැලසීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය තුළ ය. Waste Lands Ordiance නම් ආඥා පනත යටතේ 1875 මැයි මස 08 වැනි දින අංක 4046 දරන ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ හෙක්‌ටයාර 2428.1 කින් යුත් වනාන්තර ප්‍රමාණයක් රක්‌ෂිත ප්‍රදේශයක් ලෙස නම් කෙරිණි. 1926 මැයි 21 වැනි දින තවත් හෙක්‌ටයාර 3724.6 ක් ඊට එක් කර තිබේ. 1972 වසරේ සිට 1977 වසර දක්‌වා කාලය තුළ දී සිංහරාජ අඩවියේ වතුරාව, මුලාවැල්ල, කුඩව හා අත්වැල්තොට - කළුකදාව ආදී ප්‍රදේශවලින් සිංහරාජය තුළ ට මාර්ග සකස් කර තුනී ලෑලි සංස්‌ථාව සඳහා දැව ලබා ගැනීමට දැව හෙළීම් සිදු කෙරිණි. 1978 අප්‍රේල් මාසයේ දී සිංහරාජය මිනිසා හා ජෛව ගෝල රක්‌ෂිතයක් ලෙස නම් කරන අවස්‌ථාව වන විට තුනී ලෑලි සංස්‌ථාව සඳහා දැව හෙළීම් කටයුතු පරිසර ලෝලීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් මත සම්පූර්ණයෙන්ම නවතා දමා තිබිණි.
1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්‌තෝබර් 21 වැනි දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්‌ටයාර 11187 ක භූමි ප්‍රමාණයක් ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 1989 වසරේ දී යුනෙස්‌කෝව

අතීතයේ සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් සමඟ ම සිංහරාජය ආරක්‌ෂා කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්‌ටමින් නීති සම්පාදනය විය. අද වන විට සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ පර්යේෂණ අති විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ. එA අනුව සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ අප සතු දැනුම ඉතා විශාල ය. එම දැනුම උපයෝගි කරගෙන සිංහරාජ අඩවියේ රක්‌ෂිත වනාන්තර ප්‍රමාණය තව දුරටත් පුළුල් කිරීමට 1988 න් පසුව ගෙවී ගිය වසර 23 ක කාලය තුළ දී වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එම නොහැකියාව නිසා ම සිංහරාජ අඩවියට අයත් දැනට රක්‌ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප්‍රමාණයක් අවදානම් තත්ත්වයක පවතී.
එම වනාන්තර සිංහරාජ ජාතික උරුම වන රක්‌ෂිතයට ඈඳීම සඳහා 2004 වසරේ ඉතා හොඳ සැලසුමක් සකස් විය. නමුත් ලංකාවේ බොහෝ හොඳ සැලසුම්වලට සිදු වන ආකාරයටම මේ සැලසුම ද ඉතා මන්දගාමී ලෙස ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ තත්ත්වය හේතුවෙන් අවස්‌ථාවාදී දේශපාලකයන් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගෙන මඩි තර කර ගැනීමට මේ ස්‌වාභාවික සම්පත් සූක්‌ෂම ලෙස තමන් සතු කර ගැනීමට වනාන්තර දෙකඩකරමින් මාර්ග ඉදිකිරීමට පවා පෙළැඹෙති. ඒ සඳහා අහිංසක ජනතාව ඊනියා සංවර්ධනයේ නාමයෙන් මුළා කරති.
2004 ජුලි 22 වැනි දින අංක PS/CS/26/2004 දරන අමාත්‍ය මණ්‌ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන රක්‌ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර් භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එA) වගන්ති ප්‍රකාරව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. ඊට අදාළ ලිපිගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ දැනට වසර හතක කාලයක් තිස්‌සේ කාවුන්ගේ පරිහරණය සඳහා පමණක් ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත්‍රිකාව අනුව හෙක්‌ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප්‍රමාණයක් සිංහරාජයට අලුතින් එක් කිරීමට නියමිත ව තිබේ. මේ යෝජනාව ක්‍රියාත්මක නොවනතාක් කල් මේ නොයිඳුල් වනාන්තර බිම් මාර්ග ඉදිකිරීමට, තේ, එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා පමණක් නොව හෝටල් ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ. මේ තත්ත්වය වළකාලමින් මේ වනාන්තර බිම් කඩිනමින් සිංහරාජයට ඈඳා ගැනීම සඳහා කටයුතු කිරීමට දැන්වත් පරිසර අමාත්‍යතුමා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.
මේ වන බිම් සිංහරාජයට ඈ¹ ගනිමින් සමස්‌ත සිංහරාජ අඩවිය රැකගැනීමට අප මෙතරම් වෙහෙසෙන්නේ අන් කිසිවක් නිසා නො ව එහි ඇති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම නිසා ය. මේ පිළිබඳව ඉතා ඈත අතීතයේ අවබෝධ කර ගත් පාලකයන් එය රැකගැනීමට උත්සාහ දැරුව ද අද සිටින අඥාන දේශපාලකයන් මෙය වැනසීමට පිඹුරුපත් සැකසීම කනගාටුවට කරුණකි.

No comments:
Post a Comment